ශ්‍රී ලංකාවේ බොහෝ දුෂ්කර
ප්‍රදේශයන්හි පිහිටි පාසල් තුළ
අධ්‍යාපනය ලබන බොහෝ දරු දැරියන්ට
පාසල් කාලය තුළ පානය සඳහා විධිමත් ජල
පහසුකම් නොමැත.
එසේම ගුරු සිසු දෙපිරිසටම සමහර
අවස්ථාවන්හිදී සනීපාරක්ෂක පහසුකම්
(වැසිකිළි - කැසිකිළි) නොමැති වීම
නිසා දැඩි දුෂ්කරතා ඇතිවේ.
ඇතැම් පාසල් ගොඩනැගිලි අබලන් වී ඇති
අතර වහල දිරාපත් වී දරුවන්ගේ හිස මත
කඩා වැටී මහා ඛේදවාචකයන් සිදුවීමට ඉඩ
ඇති ස්ථානද අනන්තවත් අපට හමු වී තිබේ.
මෙවැනි පාසල් සඳහා ඔබ හෝ ඔබගේ මිය ගිය
ඥාතියෙකු නමින් පරිත්‍යාගයක් සිදුකර
ජාතියේ අනාගතය භාරගන්නා මතු පරපුර
රැකගන්නට ඇරයුම් කරමු. ඔබ නම් කරන
පාසල් සංවර්ධනයටද අපට දායක වීමේ
හැකියාව ඇත.
පාසලේ විදුහල්පති, කලාප අධ්‍යාපන
අධ්‍යක්ෂ හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
මගින් ලබා ගත් නිර්දේශ, ස්ථානීය
පරීක්ෂාවන්, ඡායාරූප හා පසු විපරම්
තුළින් අදාල පාසල් තෝරා ගනු ලැබේ.
අනුග්‍රාහක භවතුන්ටද ඉහත සියළු
තොරතුරු ලබා දෙනු ඇත.