|
|
|
|
|
|
 |
|
|
» |
තොරතුරු ලබාගැනීමට හා ප්‍රකාශ
කිරීමට ඇති හැකියාව ශක්තිමත් වන
ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
තහවුරු කිරීම පිණිස මාධ්‍ය නිදහස
සුරක්ෂිත කළ යුතු බව, |
|
|
» |
නිදහස් අධ්‍යාපන
සම්ප්‍රදායන්, නිදහස් වෙළඳ
ආර්ථිකය, විවෘත සහ
විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය
පාලනය, වගකීම සහ වගකීම සහිත
නිදහස, අධිකරණයේ පරම යුක්තිය
සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත
කළ යුතු බව, |
|
|
» |
සියලු දෙනාට තම ශක්තීන්, කුසලතා
සහ හැකියාවන් සංවර්ධනය කරගැනීම
පිණිස අවස්ථා ලබා දිය යුතු බව, |
|
|
» |
ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව
තහවුරු කළ යුතු බව, |
|
|
» |
සමාජ අසාධාරණය තුරන් කිරීම,
දරිද්‍රතාවයෙන් මිදීම සඳහා
උපකාර කිරීම සහ එමගින් අඩු
වරප්‍රසාද සහිත ජනතාවට වඩා
යහපත් ජීවන තත්ත්වයක් ලබා දිය
යුතු බව, |
|
|
» |
සියලු දෙනාට වඩා යහපත් ජීවන
රටාවක් ස්ථාපිත කළ යුතු බව,
ආහාර, ඇඳුම්, නිවාස,
අධ්‍යාපනය, සෞඛ්‍යය සහ
සංවර්ධනය සඳහා වූ අවස්ථාවන්ට
අදාල මූලික තත්වයන් සමානව
ලබාගැනීමට හිමිකම් ඇති බව, |
|
|
» |
රාජ්‍ය පාලනයේ සෑම අංශයකදීම
බිම් මට්ටමේ ජනතාවගේ
සහභාගිත්වය තිබිය යුතු බව සහ
ප්‍රාදේශීය ප්‍රජාවන්
ග්‍රාමීය සංවර්ධනයේ සක්‍රිය
පාර්ශ්වකරුවෙකු කළ යුතු බව, |
|
|
» |
වඩා යහපත් ජීවන මට්ටමක් සඳහා
වැඩි අවස්ථා හා ඉඩ ප්‍රස්ථා
උදා කර දීම පිණිස පෞද්ගලික
අංශයේ සහභාගිත්වයට වැඩි
දායකත්වයක් දැක්විය යුතු බව, |
|
|
» |
විරැකියාවෙන් පෙළෙන
පිරිස් සඳහා රැකියා
අවස්ථා වැඩි වැඩියෙන්
නිර්මාණය කළ යුතු බව, |
|
|
» |
පුද්ගලික ව්‍යාපාර,
නිවාස, ඉඩම් හිමි කර
ගැනීමට මෙන්ම ඉතුරු
කිරීමේ ගිණුම් පවත්වා ගෙන
යාමටත් ශ්‍රී ලංකාවේ
ජනතාව අතර ව්‍යවසායක
හිමිකම් ඇතුළු අනෙකුත්
හිමිකම් බෙදා හදා ගැනීමට
අයිතිය සැලසිය යුතු බව හා |
|
|
» |
රජයක් සමග කේවල් කිරීමට හැකි
බලයක් සහිත සංවිධානාත්මක සහ
සංවර්ධිත සිවිල් සමාජ ජාලයක්
නිර්මාණය විය යුතු බව, |
|
අපි විශ්වාස කරමු. |
|
|
|
|
|