|
|
|
|
|
|
|
|
|
|
|
|
| |
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ
පවත්වාගෙන යන පෙර පාසල් හා බෞද්ධ,
හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි /
කතෝලික දහම් පාසල් සඳහා අනුග්‍රහය
දක්වමු.
|
|
|
 |
 |
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන්හි පෙර
පාසල් පවත්වාගෙන යන්නේ පූර්ව ළමා විය
අධ්‍යාපන ක්‍රමවේදයන්හිදී භාවිතා කළ
යුතු අවම පහසුකම් පවා නොමැතිව බව පෙනී
යයි.
බොහෝ පෙර පාසල් පාලිකාවන්ට පෙර පාසල්
තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය
පිළිබඳ ගැටළු මෙන්ම ප්‍රාග්ධන භාණ්ඩ
හිඟයද බලවත් අර්බුදයක් වී ඇත.
පෙර පාසල් අධ්‍යාපනය, දරුවාගේ ජීවිතයේ
පදනම බවට පත්ව තිබුණද මේ හේතුවෙන් එම
පදනම දෙදරා යාම තුළ දරුවන්ගේ අනාගතය
ශෝකජනක තත්ත්වයකට පත්වීමේ අවදානමක් ද
පවතී.
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික /
ක්‍රිස්තියානි දහම්පාසල් අධ්‍යාපනය
රටේ ආධ්‍යාත්මික මෙන්ම සදාචාර
සංවර්ධනයටද වැදගත් වන නමුත් මෙම ආයතන
සඳහාද ඉහත දුෂ්කරතා බලපා තිබේ.
එබැවින් පෙර පාසල් හා දහම් පාසල් සඳහා
|
1. |
ගුරු
පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක
කිරීම |
|
2. |
ගුරුභවතුන් දිරිගැන්ම සඳහා
නිල ඇඳුම් ලබා දීම හා උපහාර,
ඇගයීම් උත්සව සංවිධානය කිරීම |
|
3. |
දරුවන්
සඳහා පෝෂණ වැඩසටහන්, නිල
ඇඳුම්, පොත්පත් හා අධ්‍යාපන
උපකරණ ලබා දීම |
|
4. |
මෙම
අධ්‍යාපන ආයතන සඳහා අවශ්‍ය
ගොඩනැගිලි, අධ්‍යාපන උපාංග,
මෙවලම් හා ප්‍රායෝගික
ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය
භාණ්ඩ ලබා දීම |
|
5. |
දෙමාපියන් දැනුවත් කිරීමේ
පුහුණු වැඩසටහන් පැවැත්වීම
වැදගත් වේ. |
ඔබගේ නමින් හෝ ඔබගේ මිය ගිය ඥාතියෙකු
නමින් මෙවැනි ව්‍යාපෘති සඳහා
අනුග්‍රහය ලබාදීමට අපි ඔබට ඇරයුම්
කරමු.
තෝරා ගැනීම,
|
1. |
අදාල
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී,
ප්‍රාදේශීය ලේකම්වරයාගේ
නිර්දේශය |
|
2. |
ප්‍රදේශයේ ආගමික ස්ථානයේ
ස්වාමීන් වහන්සේ / පූජකතුමාගේ
නිර්දේශය |
|
3. |
ස්ථානීය පරීක්ෂා කිරීම්,
ඡායාරූප සහ පසුවිපරම් මගින්
තෝරා ගැනීම සිදු කරයි. |
අනුග්‍රාහක භවතුන්ටද ඉහත සියළු
තොරතුරු ලබා දෙනු ඇත. |
|
| |
|
|
|
|
|
|