මෙම වෙබ් අඩවිය ඔබ විසින් කියවීමෙන්
සහ නැරඹීමෙන් පසු අපගේ ප්‍රධාන
ව්‍යාපෘති 6 ට
අමතරව දැනට ක්‍රියාත්මකව ඇති වෙනත්
ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ද ඔබට
අනුග්‍රහය දැක්වීමට හැකියාව තිබේ.
තවද, අප ආයතනය මගින් මෙතෙක්
ක්‍රියාත්මක නොකළ එහෙත් ශ්‍රී ලංකාව
තුළ ක්‍රියාත්මක කිරීමට සුදුසු යැයි
ඔබ කල්පනා කරන යථාර්ථවාදී ව්‍යාපෘති
ඇරඹීමටද අපි කැමැත්තෙන් සිටිමු.
එසේම පෞද්ගලිකවම ඔබ හෝ ඔබ සංවිධානය /
ආයතනය ශ්‍රී ලංකාවේ යම් ස්ථානයක
ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන
සමාජ සුබසාධන හෝ සමාජ සංවර්ධන
ව්‍යාපෘතියක් විධිමත්ව සැලසුම් කර
අඛණ්ඩ අධීක්ෂණය සහ පසුවිපරම ඔස්සේ
ක්‍රියාවට නැගීමටද අප හට හැකියාව
තිබේ.
උදා : රෝහල් පිළිසකර කිරීම්, රෝහල්
සඳහා භාණ්ඩ ලබාදීම, ප්‍රජා ශාලා
ගොඩනැගිලි දුෂ්කර ප්‍රදේශ වෙත
පරිත්‍යාග කිරීම ආදිය.