ශ්‍රී ලංකාවේ බොහෝ දුෂ්කර
ප්‍රදේශයන්හි පිහිටි පාසල් තුළ සිටින
දරුවන් පරිගණකයක් දැක ඇත්තේ
රූපවාහිනියෙන් හෝ පුවත්පතක, සඟරාවක
පළවූ ඡායාරූපයකින් පමණි.
මෙවැනි දරුවන් සිටින පාසලක් සඳහා අවම
වශයෙන් එක් පරිගණකයක් හෝ පරිත්‍යාග කළ
හැකි නම්, එය එම දරුවන්ගේ අනාගතය සඳහා
දක්වන්නා වූ ඉහළම උපකාරයකි.
ඇතැම් විට පාසල් දරුවන් ප්‍රකාශ
කරන්නේ පරිහරණය කළ පරිගණකයක් හෝ තමන්
අධ්‍යාපනය ලබන පාසලට පරිත්‍යාග කළ
හැකි නම්, එය තම අධ්‍යාපන කටයුතු සඳහා
දක්වන අත්වැලක් බවයි.
ඔබ නිවසේ / සේවය කරන ආයතනයේ පරිහරණය
කර ඉවත් කරන පරිගණක යන්ත්‍ර තිබේ නම්
එවැනි පරිගණක යන්ත්‍ර මෙම ව්‍යාපෘතියට
පරිත්‍යාග කරන ලෙස අපි ඔබට ඇරයුම්
කරමු.
නොඑසේ නම් නවීනතම පරිගණක යන්ත්‍රයක්
හෝ දැනට ශ්‍රී ලංකාවේ වෙළඳ පොලේ
“අලෙවිය සඳහා ඇති පරිහරණය කරන ලද
පරිගණක යන්ත්‍රයක්”මෙම ව්‍යාපෘතියට
පරිත්‍යාග කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා
සිටිමු.
ඔබගේ නමින් හෝ ඔබගේ මිය ගිය ඥාතියෙකු
නමින් මෙම පරිත්‍යාගය කිරීමේ හැකියාව
තිබේ.
පාසලේ විදුහල්පති, කලාප අධ්‍යාපන
අධ්‍යක්ෂ හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
මගින් ලබාගත් නිර්දේශ, ස්ථානීය
පරීක්ෂා කිරීම්, ඡායාරූප හා පසු විපරම
තුළින් අදාල පාසල් තෝරාගන්නා අතර
අනුග්‍රාහක භවතුන්ටද ඉහත තොරතුරු
සියල්ල ලබා දෙනු ඇත.